FAST NEWS

24×7 Around the Globe

පුජීත් ජනපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට !!!

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
සාධරණ හේතුවක් ‌ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත් කර අනිවාර්ය නිවාඩු යැවිමට විරුද්ධව මෙම ක්‍රියාමාර්ගය ගැනිමට නියමීත බව පැවසේ.
හෙතෙම මේ වනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්ල ලබා ගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේවනවිටත් පොලිස්පති නිල නිවසේ රැඳී සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ඔහු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පොලිස්පතිවරයා මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත්තේ එයින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමින් බවත් කියැවේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.