FAST NEWS

24×7 Around the Globe

ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බල්ගේරියාවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – බල්ගේරියාව සහ උතුරු මැසිඩෝනියාවේ තෙදින නිල සංචාරයක් සදහා ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බල්ගේරියාවට ගොස් තිබේ.
උන්වහන්සේ එරට දේවස්ථාන අතර සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර 17 කට පසුව එරටට පාප් වහන්සේ කෙනෙකු පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස හැදින්වේ.
බල්ගේරියාවේ සංචාරයෙන් අනතුරුව උන්වහන්සේ උතුරු මැසිඩෝනියාව බලා පිටත් වීමට නියමිත බවත් පැවසේ.