FAST NEWS

24×7 Around the Globe

මෙවර ලෝක කුසලානය ගැන සංගාගෙන් ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් –  කොළඹ) – එංගලන්තයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනදාට වඩා තරගකාරීත්වයක් සෑම කණ්ඩායමකින්ම දක්නට ලැබෙනු ඇති බවත් එම නිසා සියලූම තරග ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවත් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
 
‘මේ වතාවේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වෙනදා පැවැති ලෝක කුසලාන තරගාවලිවලට වඩා ගොඩක් උණුසුම් තරගාවලියක් වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ පාර තරග කරන සියලූම කණ්ඩායම් ඉතාමත් සමබරයි කියල තමයි මට හිතෙන්නෙ. මේ තරගාවලියේ තරගකාරීත්වයට නම් කිසිදු හානියක් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ටත් සෑම තරගයක්ම එක වගේ රස විදින්න අවස්ථාව ලැබෙයි.’