FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ ගුවන් යානයක් අනතුරට පත්ව 41 ක් මිය යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රුසියාවේ මොස්කව් ගුවන්තොටුපලේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එය යළි ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී යානය ගිනිගැනීමට ලක්ව තිබේ.
සුකෝහි සුපර්ජෙට් 100 වර්ගයට අයත් ගුවන්යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතරඑම අවස්ථාවේ යානයේ ගුවන් මගීන් 73 දෙනෙකු  සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සිට තිබේ.