FAST NEWS

24×7 Around the Globe

IPL තරග කිහිපයක් සුරිය වැවට..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  ශ්‍රී ලංකාව තුල ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විමට අවශ්‍ය කටයුතු සිදු කරන බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඊයේ (02) ක්‍රීඩ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර, හම්බන්තොට සුරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනාගතය කෙබඳුදද යන්න මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මෙ බව පැවසීය.
ඒ අනුව අයි.පී.එල් තරග පවත්වා එම ක්‍රීඩාංගණය නඩත්තු කිරිමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන සකසා ගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරියේදි මෙ සම්බන්ධයෙන් අයි.පී.එල් තරග සංවිධායකයින් සාකච්ඡා කීරිමට තමා අපේක්ෂාවෙන් පසුවන බවද වැඩි දුරටත් මෙහිදි පැවසීය.