(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 66 හැවිරිදි තායිලන්තයේ චක්‍ර පෙළපතේ දස වැන්නා මහා වජිරාලොන්කොන් (Maha Vajiralongkorn) රජකමට පත්වීමට පෙර තායි ගුවන් සේවිකාවක් වූ 40 හැවිරිදි සුකිඩා අයුද්ධා සමග විවාහ වී තිබේ.
ඔහු විසින් රාජකීය ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් සුකිඩා අයුද්ධා රැජින ලෙස නම් කිරීමට ද කටයුතු කර තිබේ.
මෙම ගැසට් නිවේදනය අනුව ඇය රජ පවුලේ සාමාජිකාවක් ලෙස හඳුන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මහා වජිරාලොන්කොන් මීට පෙර තුන් වතාවක් දික්කසාද වී ඇති අතර එම විවාහයන්ගෙන් දරුවො සත් දෙනෙක් ද සිටී.













