FAST NEWS

24×7 Around the Globe

තුරුණු දිරිය ණය යටතේ පුද්ගලයන් 715 දෙනෙකු සඳහා රුපියල් මිලියන 294 ක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන් 715 දෙනෙකු සඳහා රුපියල් මිලියන 294ක ණය ප්‍රමාණයක් යටතේ අප්‍රේල් මාසය වනවිට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
වැඩිම ව්‍යවසායක ණය ප්‍රමාණයක් සබරගමුව, බස්නාහිර, උතුර, දකුණ පළාත් සඳහා ද රත්නපුර දිස්ත්‍රික්කයට ද නිකුත් කර ඇති බවත් ණයලාභීන්ගෙන් 61%ක් කාන්තා ව්‍යවසායකයින් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මේ අනුව වැඩිම ණයලාභීන් පිරිසක් නියෝජනය කරන වෘත්තීය ක්ෂේත්‍රය රූපලාවන්‍ය කේෂේත්‍රය ලෙස හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.