FAST NEWS

24×7 Around the Globe

ජනපති ෆොන්සේකාට දෙන්න බෑ කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය 30 වැනිදා රාත්‍රි කොළඹ 07, මලළසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදි මෙම ප්‍රතිචාරය හිමීව ඇති බවත් පැවසේ.
ඒ අනුව නීතිය හා සාමය අමාත්‍යාංශය මීට පෙරද අමාත්‍යවරුන් යටතේ ක්‍රියාත්මක වෙද්දී යම් යම් ගැටලු පැනනැඟුණු බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නීතිය හා සාමය අමාත්‍යාංශයේ කටයුතු මා දැඩි අධීක්ෂණයකට ලක්කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.