FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ICC වාර්ෂික එක්දින ශ්‍රේණිගත කිරිම් වලින් පහතටම වැටෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -අන්ත්ර්ජාතික ක්‍රිකට් කවුන්සිය අද (02) නිකුත් කළ වාර්ෂික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි 09 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පහත වැටි තිබේ.
පසුගිය අප්‍රේල් මස 17 වැනිදා එක්දින ශ්‍රේණිගත කිරිම්හි ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණූ 76 ක් ලබා ගනිමීන් 08 වැනි ස්ථානයේ පසු විය.
කෙසේ වෙතත් නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ප්‍රසාද ලකුණූ සටහන අනුව ශ්‍රී ලංකාවට පසු පසින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණූ 04 ක් එක් කරගනිමීන් සිය ලකුණූ ප්‍රමාණය 80 දක්වා ඉහත දමා ගනිමීන් 08 වනි ස්ථානයට පත් විමට සමත්ව තිබේ.
වාර්ෂික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි 06 වැනි ස්ථානයේම රැඳි සිටිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි.