FAST NEWS

24×7 Around the Globe

බුර්කාව තහනම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ බව පුවත අසත්‍යක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බුර්කාව තහනම් කිරීමට විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂනායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එසේම 29 දා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පළදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.