(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ක්‍රිකට් තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා පත් කර තිබේ.
පසුගිය 30 වැනිදා රැස්වු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමීටුව මෙම තීන්දුව ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
ඒ අනුව ඔහු සංචාර තේරිම් කටයුතු කිරිමේ වගකිමද පැවරෙනු ඇති බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මීට අමතරව ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඉවත් කර රෝයි ඩයස් මහතා එම තනතුරට පත්කිරීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
එසේම ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා ද, ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සාමාජිකයක හේමන්ත වික්‍රමරත්න මහතා ද, පත්කිරීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.







