FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය හා මාලිංග ගැන වාස්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පුව ලසිත් මාලිංග බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමීන්ද වාස් විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමීන් සඳහන් කර තිබේ.
එසේම මාලිංග යනු ලෝකයේ හොඳම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින හොඳම ක්‍රීඩකයෙක් බවත් හෙතෙම පවසා ඇත.
ෙඔහු සිය පන්දු යැවිමෙන් කණ්ඩායම රක්ෂා කරන බවත් නායකත්වයත් පෙන්නුම් කර ඇති බවත් චමීන්ද වාස් වැඩි දුරටත් සඳහන් කර තිබේ.