FAST NEWS

24×7 Around the Globe

මාර්තුවල වාහන ලියාපදිංචිය ප්‍රකෘති වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ මෝටර් රථ ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසයට වඩා මාර්තු මාසයේදී යම් ප්‍රකෘත්ති වීමක් දක්නට ලැබෙන බව තැරැව්කාර සමාගම් ප්‍රකාශ කරයි.
පෙබරවාරි මාසයේදී මෝටර් රථ 2347 ක් ලියාපදිංචි කෙරුණු අතර මාර්තු මාසයේදී එය 2961 දක්වා ඉහළ ගොස් ඇති බව එම සමාගම් සදහන් කරයි.
කෙසේ නමුත් එම අගය ඊට මාස 12 කට පෙර වාර්තා වූ මෝටර් රථ 6207 ක ලියාපදිංචිය හා සැසදූ විට කැපී පෙනෙන පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.