FAST NEWS

24×7 Around the Globe

වසර 200 කට පසු ජපාන අධිරාජ්‍යයෙකු කිරුළ අතහරී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපාන අධිරාජ්‍යයෙකු ජීවතුන් අතර සිටියදී සිය කිරුළ අතහැර සිය පුත්‍රයා හට පිරිනැමීමට සූදානම් වෙයි.
වසර 200 කින් පසු ජපානයේ ප්‍රථම වතාවට 85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා විසින් සිය 59 හැවිරිදි පුත්‍රයා හට මෙම කිරුළ භාරදීමට නියමිතය.
ඒ වෙනුවෙන් අද (30) සිට ජපානයේ දින 10 ක නිවාඩු කාලයක් ක්‍රියාත්මක වීමටත් නියමිතව ඇත.
ජපාන වේලාවෙන් අද පස්වරු 5.00 ට අකිහිතෝ අධිරාජ්‍යයා, නරුහිතෝ කුමරු වෙත කිරුළ පැළඳවීමේ උත්සවය චිත්කාකර්ශනීය ජපාන අධිරාජ්‍ය මැදුරක සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
නරුහිතෝ කුමරු අධිරාජ්‍යයා බවට පත්වීමෙන් රෙයිවා ලෙස නම් කෙරුණු ජපානයේ නව රජ පෙළපත ආරම්භ වනු ඇත.