FAST NEWS

24×7 Around the Globe

පවතින තත්ත්වය හමුවේ අත්‍යව්‍යශ භාණ්ඩ මිල ඉහළ යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල රටේ පවතින තත්ත්වය හමුවේ අත්‍යව්‍යශ භාණ්ඩ මිල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
හාල්, සීනි, පරිප්පු, ටින්මාලු, අල සහ ලූණු මෙන්ම එළවලු හා මාංශ මිලද මේ කූට ව්‍යාපරිකයන් විසින් අධික මිලකට අලෙවි කරන බවත් , කල් ඉකුත්වූ භාන්ඩද පාරිභෝගිකටන්ට අලෙවි කිරීමට උත්සහ ගන්නා බවත් එම ව්‍යාපාරය පෙන්වා දෙයි.
මේ සඳහා ඉක්මන් වැඩපිලිවෙලක් සකසා පාරිභෝගික අයිතින් ආරක්ෂා කරන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.