FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවට බලපා ඇති ගංවතුරෙන් 17 ක් ජීවිතක්ෂයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවට බලපා ඇති ගං වතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු අතුරුදන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගං වතුර තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ සුමත්‍රා දූපතටයි.
ඉන්දුනිසියාවේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් 12,000 ක් පමණ අවතැන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.