FAST NEWS

24×7 Around the Globe

ISIS ලෝපුරා වැසියන් 2370 ක් ඝාතනය කරයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අයි.එස්.අයි.එස්. ත්‍රස්‌ත සංවිධානය ලෝ පුරා රටවල් 30 කට ප්‍රහාර 144 ක්‌ එල්ල කර ඇති අතර ඉන් 2370 ක්‌ මරුමුවට පත් වී තිබේ.
මෙම ප්‍රහාරකයන් වැඩි වශයෙන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරාකයටය. ඉරාකය වෙත එල්ල වූ අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාර සංඛ්‍යාව 24 ක්.
ඊට අමතරව බෙල්ජියම, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය, සවුදි අරාබියාව, ඩෙන්මාර්කය, ටියුනීසියාව, ලිබියාව, තුර්කිය, කුවේට්‌, ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, යේමනය, බංගලිදේශය, පකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය, බ්‍රිතාන්‍යය, ස්‌විඩනය, ස්‌පාඤ්ඤය, ඉන්දුනීසියාව යන රටවලට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන අබු බකර් බැග්ඩැඩ් ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් මියගිය බවට වාර්තාවූවත් අයිසිස්‌ ප්‍රවෘත්ති සේවය වූ අමාන් පැවසූවේ ඔහු නිරුපද්‍රිතව සිටින බවයි.