FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු, ප්‍රංශ සහ නවසීලන්ත නායකයන් සමාජ මාධ්‍ය ගැන තීරණයක…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජැක් ඩොසී සමඟ විශේෂ සාකච්ඡාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ ට්‍රම්ප්ට එරෙහිව වෙබ් අඩවි තුළ ද්වේශ සහගත සහ අසත්‍ය තොරතුරු පළ වීම වැළැක්වීමයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඒ, සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්.