FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධනගෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවවාදයක්.

නිමාවු ඉන්දු – ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියෙන් ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයින්ට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන පවසන්නේ ශ‍්‍රී ලංකාව සාර්ථකව තරගාවලිය නිමා නොකළ බවයි. අවසන් තරගයේ දී නායක ඇන්ජලෝ මැතිව්ස් රැස්කළ ශතකය මහේල ජයවර්ධන මෙහිදි ඇගයීමට ලක්කර තිබෙනවා.

මේ අතර ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැතිව්ස් සඳහන් කළේ ඉදිරි තරගාවලි ජය ගැනීමට නම් සියලු ක‍්‍රීඩකයින් දක්‍ෂතා අතරට පැමිණිය යුතු බවයි. අසාර්ථක ක‍්‍රීඩකයින් පිළිබඳ තීරණයක් ගැනීමට දැන් කාලය එළැඹ ඇතැයි ද මැතිව්ස් මෙහිදී සඳහන් කළා.

mahela-tweet