FAST NEWS

24×7 Around the Globe

රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් රටවල් සඳහා වීසා සේවාවන් සපයන වීසා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමට කටයුතු කළ බව සංචාරක නියෝජිතායතන විසින් සිය සේවාදායකයින් වෙත දැනුම් තිබේ.
මේ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන IVS Lanka ආයතනය සහ මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.