FAST NEWS

24×7 Around the Globe

මෙරට තරුණ තරුණියෝ විවාහ වීම අඩු කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

2011 වසරේ සිට 2014 දක්වා ගතවූ සිව් වසර තුල මෙරට සිදුවි ඇති විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවි ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිතුත් කොට ඇති සංඛ්‍යාන දත්ත වාර්තාවේ සදහන්වේ.

එම වාර්තාවට අනුව 2011 වසරේ මෙරට සිදුවී ඇති විවාහ සංඛ්‍යාව දෙලක්ෂ තුන්සිය දහහතරකි.

2012 වසරේ විවාහ එක් ලක්ෂ අනු අට දහස් හත්සිය දහයක් සිදුවි ඇත.

2013 වසරේ එක් ලක්ෂ අසූ දහස් හත්සිය හැටකි.

2014 වසරේ මෙරට සිදුවී ඇති විවාහ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ පන් දහස් හත්සිය විසි අටකි.

මේ අනුව 2011 වසරට වඩා 2014 වසරේදී සිදුවී ඇති විවාහ සංඛ්‍යාව 24586 න් අඩුවී ඇත.

2014 වසරේදී සාමාන්‍ය නීතිය යටතේ සිදුවී ඇති විවාහ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් පන් දහස් හත් සිය දහහතක්වූ අතර උඩරට නීතිය යටතේ විවාහ අටසිය විසි දෙකක්ද මුස්ලිම් නිතිය යටතේ විවාහ දහනව දහස් එකසිය අසූනවයක් සිදු කර තිබේ.

කෙසේ වෙතත් එම වාර්තාවට අනුව වසරින් වසර මෙරට සිදුවන විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.