FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ වැසියන් දුම්පානය අඩු කරති.

ඇමරිකාවේ දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව අඩුවී ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙනවා.එය සියයට 15 ක අඩුවීමක් බවයි බලධාරීන් පවසන්නේ.

ගෙවුණු වසර සියයක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තාවූ අඩුම ප‍්‍රතිශතය මෙය වන අතර දුම්පානය ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයන්ගෙන් බහුතරය වැඩිහිටියන්වීම විශේෂත්වයක්.පිළිකා සහ බරපතල ගණයේ රෝග රැසක් ඇතිවීමට දුම්පානය හේතුවී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂිකව දුම්පානය සම්බන්ධ රෝගවලින් මියයන ගණන හාරලක්ෂ අසුදහසක් බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.