FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව ⁣ලෝක කුසලානයට සංචිතය නම් කරයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – එළඹෙන ලෝක කුසලනායට සහභාගි වන දකුණු අප්‍රිකා සංචිතය එරට ක්‍රිකට් ආයතනය ඊයේ (18) නිවේදනය කළේය.
ඒ අනුව මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,බංග්ලාදේශය,ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකා සහ පාකිස්තානය තම සංචිත නම් කර අවසන්.
ලෝක කුසලානයට සහභාගි වන රටවල් අතරින් බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ ඇෆ්ගනිස්ථානය තවමත් සිය සංචිත නම් කර නැහැ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීමට අවසන් දිනය ලෙස මෙම මස 23 වැනිදා ලබා දී තිබේ.