FAST NEWS

24×7 Around the Globe

තමාගේ තීරණය ගැන මාලිංග කියයි – මාලිංගගේ තැන කසුන්ට..!!!

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – තමා ලෝක කුසලානට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ අද (19) දිනයේදි පැවැත්විමට නියමීත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග සාකච්ඡාවකින් පසුව බව හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍ය වෙත පැවසීය.
‘‘මට කණ්ඩායමේ කට්ටිය සහයෝගය දෙන්නෙ නැහැ කියලා ක‍්‍රිකට් ආයතනයේ කට්ටිය ප‍්‍රසිද්ධියේම කියනවනම් මම කණ්ඩායමේ ඉන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඒ අයමයි. මොකද මම ඉන්න එක ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා. ක‍්‍රීඩකයකු විදිහට ඒ අය කියන ආකාරයට මම තනිවෙනවා. නමුත් මට ඒවා ප‍්‍රශ්න නෙමෙයි. මට නායකයා සහ පුහුණුකරුවා කවුද කියන එකත් ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම ලෝක කුසලානට යන එක ප‍්‍රශ්නයක්ද නැද්ද කියල මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් අහල තීන්දුවක් ගන්නවා.’
කෙසේ වෙතත් ලසිත් මාලිංග ලෝක කුසලානයට සහභාගි වනවාද නැද්ද යන්න ඊයේ රාත‍්‍රියේදි තීරණය කිරිමට නියමිතව තිබුණි. යම් හෙයකින් මාලිංග එක්දින ක‍්‍රිකට් පිටියට සමු දුනහොත් හෝ ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් එම ස්ථානයට කසුන් රාජිත එක්වීමට නියමිතව ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වේ.