FAST NEWS

24×7 Around the Globe

පේරු හිටපු ජනාධිපති ඇලන් ගාෂියා සියදිවි නසා ගනියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා ඊයේ (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහු එසේ සිය හිසට වෙඩි තබා ගෙන තිබෙන අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට හෙතෙම ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසේ.