FAST NEWS

24×7 Around the Globe

“ටික් ටොක්” ඉන්දියාව තුළ තහනම්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජනප්‍රිය වීඩියෝ ඇප්ලිකේෂනයක් වන ටික් ටොක් ඉන්දියාව තුළ තහනම් කෙරමීන් එරට අධිකරණයකින් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ කුඩා ළමුන්ගේ දර්ශන සහිතව අසභ්‍ය විඩියෝ නිර්මාණය කෙරෙන බවට එරට අධිකරණයක් හමුවේ ගොනු කෙරුණු පැමිණිල්ලක් විභාග කර අවසානයේ මෙම නියෝගය ලබා දී තිබේ.
පහසුවෙන් වීඩියෝ නිර්මාණය කල හැකි ඇප්ලිකේෂනයක් ලෙසටයි ටික් ටොක් සැළකෙන අතර පසුගිය ජනවාරි මාසයේදී පමණක් ඉන්දියාව තුළ එම ඇප්ලිකේෂනය කෝටි 03 කට වැඩි වාර ගණනක් ඩවුන්ලෝඩ් කර තිබුණි.