ලෝක කුසලානයේදි තමා පන්දු යැවිමට බිය කාටදැයි මාලිංග හෙළි කරයි..

ලෝක කුසලානයේදි තමා පන්දු යැවිමට බිය කාටදැයි මාලිංග හෙළි කරයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – එංගලන්තයේදි ආරම්භ විමට නියමීත අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියාට පන්දු යැවිමට තමාට බිය විමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
පසුගිය 15 වැනිදා අයි.පී.එල් තරගාවලිය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයේදි මුබ්බායි ඉන්දීයන්ස් කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන යමීන් හරිදික් පාණ්ඩියා පන්දු 16 කදී ලකුණූ 37 ක් රැස් කරමීන් දැක්වු දක්ෂතා හා පෙර දැක්වු දක්ෂතා පිළිබඳව පෙන්වා දෙමීන් මාලිංග මුම්බායි ටි.වී වෙත සඳහන් කර තිබේ.
යම් හෙයකින් තමාට ලෝක කුසලානයේදි දික් පාණ්ඩියාට පන්දු යැවීමට තමා හට සිදු වුවහොත් එය බියකරු වනු ඇති බවත් ඔහු මේ වන විට ක්‍රීඩාව සමග හොඳින් සිටිම ඊට හේතුව බවත් ලසිත් මාලිංග මෙහිදි සඳහන් කර තිබේ.
අයි.පී.එල් තරග 08 කට ක්‍රීඩා කරමීන් පන්දුවාර 190 කට මුහුණ දී ඇති පාණ්ඩියාගේ ලකුණූ ලබා ගැනිමේ සමාන්‍ය 46.50 ලෙස සටහන්ව පවතියි.
බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයේදි ලකුණූ 31 කට කඩුලු 04 ක් දවා ගනිමීන් තරගයේ වීරයා වීමටද ලසිත් මාලිංග සමත් විය.
CATEGORIES