FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ සේවකයින් වර්ජනයකට සැරසෙයි…

(ෆාස්ට් නිව්ස් ඉන්දීයාව) – ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සේවය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙන  බැවින් ගුවන් සේවයේ නියමුවන් සහ ඉංජිනේරුවන් වර්ජනයකට සූදානම් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

මෙහි අවසන් සාකච්ඡාව සඳහා අද (15) කළමනාකාරීත්වය හමුවීමට නියමිතව ඇති අතර මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්ද ගුවන් සේවයේ අවධානය යොමු වී තිබේ

ඉන්දියාවේ ජාතික ගුවන් සේවා සංසදය රජයෙන් ඉල්ලා සිටියේ ජෙට් එයාර්වේස් බංකොලොත් වීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසයි.

ගුවන් සේවය බංකොලොත් වුවහොත් 20,000 කට අධික පිරිසකට රැකියා අහිමි වනු ඇති.