FAST NEWS

24×7 Around the Globe

ජනපති ඔමාර් අල් බෂීර් ධූරයෙන් පහකොට සුඩාන හමුදාව රාජ්‍ය බලය අතට ගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුරා වසර 30 ක කාලයක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ව බලයෙන් පහකර එරට හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් ප්‍රකාශ කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම කාර්තුම් අගනුවර පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී සිදුව ඇති අතර ඔහු මේ වනවිට ආරක්ෂා සහිතව සිටින බවත්, හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවීමෙන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවත්ය.
මෙම තත්ත්වය උඩ රට තුල මාස තුනක කාලයක් හදිසි නීතිය බල පැවැත්වෙන බවද ඔහු රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේය.
ඊට විරෝධය පළ කරමින් සුඩාන ජනයා වීදි බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර්ට එරෙහිව මාස කිහිපයක සිට උද්ඝෝෂන පැවතුණු අතර , පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්ධන සහ පාන් මිල වැඩි කරන බව රජය නිවේදනය කිරීමෙන් පසුව මෙම තත්ත්වය උත්සන්න විය.