FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ ඇමති ශාන්ට ආණ්ඩුකාර ධුරයක්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – දකුණූ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම පළාත් සභාවේ හිටපු මහ අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පත් කිරිමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙ වන විට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ කිර්තී තෙන්නකොන් මහතාය.
දකුණූ පළාත් සභා ඉතිහාසයේ වැටිම වාර ගණනනක් මහ අමාත්‍ය ධූරය හොබවා ඇති පුද්ගලයා ශාන් විජේලාල් මහතාය.
හෙතෙම පළමු පළාත් සභාව හැර පළාත් සභා වාර 03 ක් මහ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
දකුණූ පළාත් සභාවේ නිල කාලය පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය.