FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර ඊයේ (11) අවසන් විය.
අදියර 07 ක් යටතේ සිදු කෙරෙන මහ මැතිවරණයේ පළමු අදියර ප්‍රාන්ත 20 ක ඡන්ද කොට්ඨාස 91 කදි පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඊසාන දිග තෛයිපුර ප්‍රාන්තයෙන් වැඩිම ප්‍රතිශතයක්, එනම් 81%ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් හැරුණුකොට බොහෝ ප්‍රදේශවල ඡන්ද විමසීම් ඉතා සාමකාමී ලෙස පැවැත්වුණු බව ඉන්දීය මැතිවරණ කොමසාරිස් පවසා ඇත.
ඡන්ද දායකයින් කෝටි 90ක් එනම් ලෝක ජන ගහණයෙන් 10%ක් මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
මෙම ඡන්ද විමසීම මැයි 19 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර ප්‍රතිඵල ගණනය කෙරෙන්නේ මැයි 23 වන දා ය.
ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ බහුතර බලය දිනා ගැනීමට නම් එහි ආසන 543 න් 272ක් ජය ගත යුතු ය.