FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත නායකත්වය ටොම් ලැතම්ට..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙරාතුව ඔස්ට්‍රේලියාව සමග ලබන මස බ්‍රිස්බෙන්හිදි පැවැත්වෙන පෙර පුහුණූ තරග තුන සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර ඇති අතර අතර එහි නායකත්වය හිමීව තිබේ.
නිත්‍ය නායක නායක කෙන් විලියම්සන් ඇතුළු ලෝක කුසලාන සංචිතයට නම් කර සිටින ක්‍රීඩකයින් 09 දෙනක් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන හෙයින් ඔවුන් මෙම සංචිතයට නම් කර නොමැත.
එසේම ලෝක කුසලාන සංචිතයට නම් කර සිටින රොස් ටේලර්ද එංගලන්තයේ නොටින්ග්හැම්ෂයර් ප්‍රාන්තය සමග ගිවිසුම්ගතව ක්‍රීඩා කරන හෙයින් ඔහුද මෙම සංචිතයට නම් කර නොමැත.
කෙසේ වෙතත් ලෝක කුසලාන සංචිතයට නම් කර සිටින ඉතිරි ක්‍රීඩකයින් 05 වන ටොම් ලැතම්, හෙන්රි නිකෝලස්,මැට් හෙන්රි,ජීමී නිෂාහම් සහ ටොම් බලයුන්ඩේල් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
සංචිතය.
New Zealand squad – Tom Latham, Todd Astle, Hamish Bennett, Tom Blundell, Doug Bracewell, Matt Henry, Daryl Mitchell, Jimmy Neesham, Henry Nicholls, Hamish Rutherford, Blair Tickner, George Worker, Will Young