FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බව ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළැඹෙන මැයි 18 වනදා ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද (11) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ ප්‍රකාශයක් කළ බව වාර්තා වෙයි.
පවතින පාලක පක්ෂය තෙවන වරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ එම මැතිවරණයේදී තීරණය වනු ඇත.
ඒ වගේම, ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති අතර එසේ නොවුනහොත් දඩුවමකට යටත් වන බවද වාර්තා වේ.