FAST NEWS

24×7 Around the Globe

“නායකත්වය නොදුන්නොත් පසුදිනම සමුගන්නවා “

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන් වෙත ලබා නොදෙන්නේ නම් තමා පසුදිනම තමා ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බවට ක්‍රිකට් බලධාරීන් වෙත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙන් පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
මෙ වන විට යළි සිය දක්ෂතා අතර පැමීණ සිටින මෙම ක්‍රීඩකයා මීන් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවා ඇත්තෙක් වන බවද පැවසේ.
ඇන්ජලෝ මැතිව්ස්,ලසිත් මාලිංග හා දිමුත් කරුණාරත්න අතුරින් කෙනෙක් ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයට පත් කිරිම සම්බන්ධයෙන් මෙ වන විට තේරිම් කමීටුව සලකා බලමීන් සිටින බවද කියැවේ.
ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සිය සංචිත ලබන 23 වැනිදාට පෙර නම් කිරිමට කටයුතු කළ යුතුය.