FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහතට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගොවීන් විශාල වශයෙන් අස්වනු තොග රැගෙන ඒම හේතුවෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඊයේ (10) පස්වරුව වන විට විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.
ෙඒ හේතුවෙන් ගොවි නිෂ්පාදනවලට සාපේක්ෂව මිලදී ගැනීම් අඩුවීමත් සමග එම තත්ත්වය උද්ගත වී ඇතිබව බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව ඊයේ (10) උදෑසන රුපියල් 150 ත් 200 ත් අතර මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝවක්, පස්වරුව වන විට අලෙවි වී ඇත්තේ රුපියල් 60 ත් 70 ත් අතර මිලකට බව පැවසේ.
රුපියල් 35 ත් 40 ත් අතර මිලකට අලෙවි වූ ගෝවා කිලෝවක් පස්වරුව වන විට රුපියල් 15 ක් දක්වාත්, රුපියල් 120 ත් 130 ත් අතර මිලකට අලෙවි වූ මාළු මිරිස් කිලෝවක් රුපියල් 90 ක් දක්වාත් පහළ ගොස් තිබේ.
ලීක්ස් කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකටයි.
රුපියල් 80 ක මිලට අලෙවි වූ කැරට් කිලෝවක් ඊයේ පස්වරුව වන විට රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වාත් පහළ ගොස් තිබිණ.