(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපර් 04 පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනිම සඳහා දඹුල්ල හා මහනුවර කණ්ඩායම අද (10) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 05 ක් දැවි ලකුණූ 325 ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායමේ අරාධනය මත දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහිදි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 106 කදී අගනා ලකුණූ 101 ක් රැස් කළේය.
එසේම මහනුවර කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණූ 95 ක් සහ ජීවන් මෙන්ඩිස් නොදැවි ලකුණූ 50 ක් සහ පන්දු 14 කදී වේගවත් ලකුණූ 34 ක් රැස් කිරිමට ඉසුරු උදාන සමත් වුහ.
පන්දු යැවිමේදි නුවන් ප්‍රදීප් හා තිසර පෙර්රා කඩුලු 02 ක බැගින් බිඳ හෙළුහ.
ඒ අනුව දඹුල්ල කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 326 ක් ලබා ගත යුතුය.








