FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (09) ආරම්භ කළ ඊශ්‍රායල මහමැතිවරණය මේ වන විට අවසන්ව ඇති අතර, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එරට වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය පස් වන වතාවටත් බලය අපේක්ෂා කරන අතර,  බෙනී ගන්ට්ස්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය අගමැති නෙතන්යාහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත.
නිළ නොවන ප්‍රතිඵලවලට අනුව ඔවුන් දෙදෙනා කරට කර තරඟයක පසුවන බව එරට දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබෙන බවත් වාර්තා වෙයි.
වත්මන් රජය යළි බලයට පත්වුවහොත් පලස්තීන බටහිර ඉවුරේ යුද ජනාවාස පවතින ප්‍රදේශ ඊශ්‍රායලයට ඈදා ගැනීමට අගමැති නෙතන්යාහු ප්‍රතිඥාවක් ද ලබාදී ඇත.
මෙවර ඡන්දය දීමට සුදුසුකම් ඇති ජනතාවගේ සංඛ්‍යාව මිලියන 6.3ක්.