FAST NEWS

24×7 Around the Globe

ලිබියාවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අනතුරු අගවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යුද්ධය දරුණුවටම පැවතුණු රටක් වන ලිබියාව යළි නඟාසිටුවීම පිණිස හමුදාමය ක්‍රියාමාර්ග වහා නවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු පාර්ශ්වයන් වෙතින් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ට්‍රිපොලි අගනුවර දකුණු පෙදෙසේ ඇතිවූ ගැටුම්වලින් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ලිබියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ නමුත් එම පිරිස සටන්කාමීන්ද නැතහොත් සාමාන්‍ය වැසියන්ද යනුවෙන් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අනතුරු අඟවමින් කියා සිටින්නේ ට්‍රිපොලි අගනුවර අසල පවතින ගැටුම් දෙස වොෂිංටනය දැඩි සැලකිල්ලෙන් නෙත් යොමා සිටින බවත්, සටන් කිරීම වහාම නවතන ලෙසටත්ය.