FAST NEWS

24×7 Around the Globe

අමු මිරිස් – දෙහි මිල පහළ බසී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වූ දෙහි සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 120 ත් 150 ත් අගයක් දක්වා පහළ වැටී ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ. 
වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 20 ක් දක්වා අඩුව ඇති අතර, තක්කාලි, කැරට්, ගෝවා, මාලු මිරිස් ඇතුලු උඩරට සහ පහත රට එළවළු තොග මිලද සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස තිබේ.