FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශිෂ්ඨ ජයක්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (07) පැවති මාලදිවයින් මහ මැතිවරණයෙන් මජ්ලිස් හෙවත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87 න් 67 ක්ම ජයග්‍රහණය කිරීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්විය.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමිවී ඇති අතර, එමගින් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව සැළසෙයි.
2008 වසරේ එරට බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පසු තනි පක්ෂයක් බහුතරය දිනා ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ්ද අසුනක් ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ජනාධිපති ඉබ්‍රාහිම් සෝලිද ඔහුට සුබපැතීමට එක්විය.
හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිකරගැනීමට හැකිවූයේ ආසන 04ක් පමණයි.
මාලදිවයින් ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සහ රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව ජනමාධ්‍ය අවධියෙන් සිටිය යුතු බවයි.