FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියාවේ ප්‍රාන්තයක හටගත් ලැව්ගිනි වලින් අක්කර 950 ක් විනාශයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු කොරියාවේ නැගෙනහිර ගන්වොන් ප්‍රාන්තයේ වෙරළාසන්නව පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් 4000 කට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ලැව්ගිනි හේතුවෙන් සොක්චො නිවාඩු නිකේතන නගරයේ අක්කර 950 කට අධික ප්‍රදේශයක් විනාශ වූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
ලැව් ගින්නෙන් නිවාස 310 ක් විනාශ වී ඇති අතර , ගබඩාවලට සහ අනෙකුත් ගොඩනැගිලිවලට ද ඉන් දැඩිව හානි සිදුව ඇත.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ගින්න නිවීම සඳහා ජනාධිපති මූන් ජේ – ඉන්ගේ නියමයෙන් හෙලිකොප්ටර් 45ක්, ගිනි නිවන රථ 77 ක් සහ ගිනි නිවන භටයන් 13,000 ක් යොදවා ඇති බවයි.
එම ප්‍රදේශයේ පුද්ගලයන් 4230 දෙනෙකු ක්‍රීඩාගාර සහ පාසල් වෙත ඉවත් කරගෙන ඇති අතර , අද දිනයේ එහි පාසල් 52 ක් ද වසා දමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.