FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව මිසයිලයක් පුපුරවා හැරීම ISS වලට තර්ජනයක් බව නාසා කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ චන්ද්‍රිකා මිසයිලයක් පුපුරවා හැරීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ප්‍රබල තර්ජනයක් විය හැකි බව නාසා ආයතනය සදහන් කරයි.
අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් චන්ද්‍රිකා නාශක මිසයිලයක් යොදාගනිමින් පුපුරවා හැරීමට ඉන්දියාව කටයුතු කිරීම හේතුවෙන් , ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) එය බලවත් තර්ජනයක් විය හැකි බව නාසා ආයතනය ප්‍රකාශ කර සිටියි.
මේ නිසා ඇති වූ සුන්බුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44% කින් ඉහළ ගොස් ඇති බවත් ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් සදහන් කළේය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවමත් අනතුරුදායක මට්ටමකට පත්ව නොමැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එය දැනට පවතින කක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් එය සිදුකිරීමට නාසා ආයතනය සූදානම් බවයි.
අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් පුපුරුවා හැරීමේ තාක්ෂණය හිමි සිව්වැනි රට බවට ඉන්දියාව පත්වූ බව ද එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.