FAST NEWS

24×7 Around the Globe

වෙඩි උණ්ඩයක් ප්‍රභාකරන්ගේ පිටුපසින් මතුවෙලා නෑ ෆොන්සේකා කරුණාට උත්තර දෙයි.

හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේ නම් වෙඩි උණ්ඩය හිස්කබලේ අනෙක් පසින් පිටව යා යුතු බවයි.

එහෙත් වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ හිස්කබලේ කොටසකට හානී සිදුවී තිබු බැවින් මෙය සියදිවි හානිකරගැනීමක් විය නොහැකි බව සරත් ෆොන්සේකා මහතා පවසයි.

හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් සිය පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන්දියානු රූපවාහිනී සාකච්ඡාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර තිබුණි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ඉන්දියන් එක්ස්ප්‍රස්“ පුවත්පත සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර වේළුපිල්ලෙයි ප්‍රභාකරන් මෝටාර් හෝ ෂෙල් ප්‍රහාරයකින් මිය යන්නට ඇති බව ප්‍රකාශ කර ඇත.