FAST NEWS

24×7 Around the Globe

විරෝධතා මැද ඇල්ජීරියානු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 බුටෙෆ්ලිකා හට මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගයිඩ් සාලා දැනුම් දී තිබේ.
ඇල්ජීරියානු ජනාධිපතිට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූයේ 05 වන වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට ඔහු සූදානම් වීමත් සමඟයි.