FAST NEWS

24×7 Around the Globe

බැංගලොර් පරදවා රාජස්ථානය කඩුලු 07 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් විස්සයි – 20 තරගාවලියේ 14 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර ජායිපූර්හිදී ඊයේ (02) පැවැති තරගය කඩුලු 07 ක ජයග්‍රහණය කිරිමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 158 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුලු 03 ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනිමට සමත් විය.
ලකුණූ පුරුව

ප්‍රසාද ලකුණූ සටහන