FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවට වසර 22කට පසුව ටෙස්ට් තරගාවලි ජයක්.

වසර 22 කට පසුව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමක් අද (01දා) සමත්විය.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජයගනිමිනි.

එස්.එස්.සී. පිටියේ පැවැති අවසන් ටෙස්ට් තරගයෙන්ඉන්දීය කණ්ඩායම ලකුණු 117ක ජයක් ලැබීය.

ලකුණු 385ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පවිසි ශ්‍රී ලංක කණ්ඩායම ලකුණු 268කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒම සඳහා ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් පෙරේරා දැඩි උත්සාහයක් ගත්තද එය ප්‍රමාණවත් නොවීය.

ලකුණු පුවරුව පහතින්…….

dd

_————————-(update)

දිවා අහාරයට : ශ්‍රී ලංකාව 5/134යි : නායක මැතිව්ස් හුදකලා සටනක.

ශ්‍රී ලංකාව හා ඉන්දීයයාව අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටේස්ට් ක්‍රීකට් තරගයේ අවසන් දිනයේ දිවා අහාරයට තරඟය අත්හිටුවන විට ලකුණු 386ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා පිළ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 134ක් රැස්කරගෙන සිටිති.

එ අනුව සිය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිළට කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 252ක් ලබා ගැනීමට අවශ්‍යව තිබේ.

මෙ වන විට හුදකලා සටනක නිරතවන නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 137කට ලකුණු 56ක් රැස්කර ගෙන සිටියි.

ලකුණු පුවරුව පහතින්…..

Aa