FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ නායකත්වය තිරිමාන්නට හිමී වෙයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – අප්‍රේල් 04 සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන සුපිරි අන්තර් පළාත් ඕවර-50 ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ වැඩ බලන නායකත්වය ළහිරු තිරිමාන්න වෙත පැවරී තිබේ.
ගාල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගට හිමීව තිබු නමුත් ඔහු මෙම දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියට එක් විම හේතුවෙන් තිරිමාන්න මෙසේ වැඩබලන නායකත්වයට පත් කළ බව ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත් ලසිත් මාලිංග අන්තර් පළාත් තරගාවලියට සහභාගි වීමට තමා නියෝජනය කරන මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමග සාකච්ඡා කර තිබු නමුත් ඔහුගේ තීරණයක් මෙතෙක් ලැබි නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
සුපිරි අන්තර් පළාත් තරගාවලිය කොළඹ,ගාල්ල,මහනුවර හා දඹුල්ල කණ්ඩායම් හතරේ සහභාගිත්වයෙන් අප්‍රේල් 4 සිට 11 දක්වා දඹුල්ලේ හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ.