FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලගේ මංගල කථාව අගමැති මැදිහත් වීමෙන් නවතියි.

පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව කරද්දී රට බෙදීම, අවි අතට ගැනීම වැනි ප්‍රකාශ කරද්දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රීති ප්‍රශ්නයක් මතු කළේය.

අවි අතට ගැනීම ගැන කථාකිරීමට ස්ථාවර නියෝග යටතේ ඉඩක් නැතැයි අගමැති කථානායකට පැමිණිලි කළේය.

ඒ අනුව ඔහුගේ කථාව නතර කිරීමට සිදුවිය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද ගම්මන්පිල පැසසුම් කළේය. යුද්ධය අවසන් කළ නායකයා ඔහු බව කීවේය.