රනිල්ට නම් තැබු හැටි හා ජනපති ඉලක්කය ගැන ශාන් කියයි..

රනිල්ට නම් තැබු හැටි හා ජනපති ඉලක්කය ගැන ශාන් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරු වු ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් සිය සොහොයුරා (රනිල් වික්‍රමසිංහ) පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කර තිබේ.
එහිදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩි විමට හැකිදැයි යන්න සම්බන්ධයෙන් හා ඔහුට නම් තැබු අකාරය පිළිබඳව ශාන් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.
ඔබේ සොහොයුරාට තවමත් ළඟාවීමට නොහැකිවුණේ ජනාධිපති පුටුවට පමණයි. කවදා හෝ ඔහු ඒ ඉලක්කයත් සපුරා ගනීවි යැයි ඔබතුළ විශ්වාසයක් තිබෙනවාද?
අපේ ජීවිතවල හෙට දවසේ මොනවා වේවිද කියලා අපිට හරියටම කියන්න බැහැ. අපේ කර්ම ශක්තිය අනුව තමයි හැමදේම වෙන්නේ. ඒ නිසා ඒ ගැන දැන්ම හරියටම උත්තරයක් දෙන්න මට බැහැ.
රනිල් ශ්‍රියාන් වික්‍රසිංහ කියන නම ඔහුට තැබුවේ කවුද?
ඒ අපේ අම්මා. රනිල් මල්ලිට විතරක් නොවෙයි අපේ පවු‍ලේ හැමෝටම නම් තැබුවේ අපේ අම්මා. අම්මා ළඟ තිබුණා ඉන්දියාවේ මුද්‍රණය කරපු ‍පොතක්. ඒ ‍පොතෙන් බලාගෙන ඉපදුණු වේලාවට හරියන විදිහට තමයි අම්මා අපට නම් තියලා තියෙන්නේ.