FAST NEWS

24×7 Around the Globe

දිමුත් පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් පියවරක්..

(ෆාස්ට් නිව්ස් – කොළඔ) – බීමතින් රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්ව පසුව පොලිස් ඇප මත නිදහස් කෙරුණු, ශ්‍රි ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි පරික්ෂණ පවත්වා තිරණයක් ගැනිමට කටයුතු කරන බව එම ආයතනය කියයි.
බොරැල්ල කින්සි පාරේදි අද (31) අලුයම පැදවු මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටිමෙන් අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත් විය.